Global Platform For All Sri Lankans

” පළිගන්න නෙමෙයි , මම එන්නේ රට හදන්න.. ” අනුර කුමාර

 

ශ්‍රී ලාංකික ඉතිහාසයේ දේශපාලන සිතියම මුළුමනින්ම වෙනස් වී ජාතික ජනබලවේගයට ජයග්‍රාහණය ලබාගත හැකි තත්ත්වයක් උදා වී ඇති බව එම පක්ෂයේ නායක ජනාධිපතිධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජනබලවේගයේ මිනුවන්ගොඩ පැවති රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.

එසේම, තමන්ට ඡන්දය දුන් නොදුන්, වෙන පක්ෂවලට සහාය දැක්වූ සියළු දෙනා ද රට හදන්න එකතු කරගත යුතු බවද ඔහු එහිදී සඳහන් කළා.

තවද, තමන්ගේ ගමන තුළ පළිගැනීම් නොමැති බවත්, තමන්ට අවශ්‍ය රටට වැඩක් කිරීම පමණක් බවත්, එමෙන්ම ඇතැමුන් ‘ජනාධිපතිධූර නළලේ කොටා ඇති බවට සිතාගෙන’ වැඩකටයුතු කරන බවත් අනුර කුමාර වැඩිදුරටත් සඳහන් කළා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads