Global Platform For All Sri Lankans

වව්නියාවේ පාස්පෝට් කන්තෝරුව අසල උණුසුම් තත්ත්වයක්..

 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ සිටින ජනතාව පැවසුවේ, ඇතැමෙක් දින තුන හතරකට වැඩි කාලයක් පෝලීම්වල රැඳී සිටින අතර, දිනකට විදෙස් ගමන් බලපත්‍ර 25ක් පමණක් ලබාදෙන බවයි.

ඒ හේතුවෙන් අදාළ විදෙස් ගමන් බලපත්‍ර සඳහා ටෝකන් ලබාගැනීමට ජනතාවට දින ගණනක් පෝලීම්වල සිටීමට සිදුව ඇති අතර, ලබාදෙන අංක තැරැව්කරුවන් විසින් ජාවාරම් කිරීමේ තත්ත්වයක්ද උදාවී ඇති බවයි.

ජනතාවට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ, වව්නියාව ප්‍රාදේශීය කාර්යාල ඉදිරිපස කුණු කාණුව මත දින ගණනක් සිටීමට සිදුවීම ඛේදවාචකයක් බව ද ජනතාව පවසනවා.

පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට වව්නියාව පොලීසිය යෙදවීමට ද සිදුව ඇති අතර, එම තත්ත්වය මේ වනවිට පාලනය කර ඇතැයි ද වාර්තා වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

තද වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත්..

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads