ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට ලබා දෙන ඡන්දය අනුර කුමාර දිසානායකට ලබා දෙන ඡන්දයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඊයේ (01) පස්වරුවේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ රැළිය අමතමින් ජනපතිවරයා මේ බව සදහන් කළා.
එහි දී ඔහු සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙසටයි.
ආර්ථික අභියෝගවලට බියේ පැන ගිය පිරිස් අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී ඇත්තේ, තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් බව ද රනිල් වික්‍රමසිංහ එහි දී පෙන්වා දුන්නා.
Author: Lanka Hit News
Post Views: 36