Global Platform For All Sri Lankans

ශිෂ්‍යත්වය සැප්තැම්බර් මස 15 , කාලසටහන මෙන්න..

 

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙනු ඇති.

එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වෙනවා.

එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දක්වා ඇති අතර,

මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත කිරීමේ හැකියාවද පවතිනු ඇති.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය ඊයේ (02) දින සිට සැප්තැම්බර් 09 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා දී තිබෙනවා.

දුරකථන අංක – 0112 784 208/ 278 4537 / 2784537 / 2786616 /2785413
ක්ෂණික දුරකථන අංක – 1911
ෆැක්ස් අංකය – 0112 784422

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads