Global Platform For All Sri Lankans

ලක්ෂ 44ක් අරන් නඩුවලට පෙනී නොසිටි නීතිඥයෙකු , නීතී වෘත්තියෙන් නෙරපලා

 

නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ලබාගෙන නිසි පරිදි පෙනී නොසිටීම තුළින් නීතිඥවරුන්ගේ ආචාර ධර්ම උල්ලංඝනය කර තිබෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයෙක්ගේ නීතීඥභාවය අහෝසි කිරීමට ඊයේ (03) නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඔහු විසින් රුපියල් මිලියන තුනක වන්දියක් මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවට නියෝග කළේ , අචල වෙංගප්පූලි, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින්.

දිවුලපිටිය, වැල්ලව ප්‍රදේශයේ හිමි නමක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

මැතිවරණයට කොමිසමේ සුදානම….

  ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads