මීටරයක් පළලැති ග්රහකයක් පෘථිවියට කඩා වැටුණු බව සඳහන් කරමින් ඇමෙරිකාවේ නාසා ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ග්රහකය අද (05) අලුයම පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී ආවේ පිලිපීනය අසල ලූසොන් දූපතට ඉහළින් බවත් සඳහන්.
එසේම එය ප්‍රමාණයෙන් කුඩා ග්රහකයක් වූ බැවින්, වායුගෝලයේදීම දැවී අවසන් වූ බවද වැඩිදුරටත් සඳහන්.
2024 RW1 යන නමින් නම් කළ මෙම ග්රහකය, විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 7