ජනාධිපතිවරණයට අදාළව හෙට විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හරින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළා.
කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, ලබන 11, 12, 13 සහ 14 යන දිනවලදී ද ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදා හරින බවයි.
මේ අතර, ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිතය 80% ක් පමණ වන බව ද ඔහු සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 13