Global Platform For All Sri Lankans

එළඹෙන සතියේ මෙරටට ලැබෙන, බීම්කාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන් යානය…

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද ගුවන් යානය එළඹෙන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.

බීම්කාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන් යානයක් මෙලෙස ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග පවතින දිගුකාලීන සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් මත ලැබී තිබෙනවා.

මෙම ගුවන් යානය 2022 වසර අග භාගයේදී නිමකර ඇති අතර රේඩාර් සහ කැමරා වැනි සමුද්‍ර ආවේක්ෂණ සංවේදනයක් ඇතුළුව අතිරේක වැඩිදියුණු කිරීම් ද ඇතුළත් කර 2024 මැද භාගයේදී සම්පූර්ණයෙන් නිම කර තිබෙනවා.

සමුද්‍ර නිරීක්ෂණය සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වැඩිදියුණු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාවන් වැඩිදියුණු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙනු ඇති.

ඩොලර් මිලියන 19ක් වටිනා මෙම ප්‍රදානයට ගුවන් යානා සහ ආධාරක සේවාද ඇතුළත් වන බව තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

පුහුණුවීම් සහ පෙරහුරු කාලසීමාවකින් පසුව මෙම යානය නිල වශයෙන් භාරදීම මෙම වසර අගදී සිදු කිරීමට අපේක්ෂා කරනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

තද වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත්..

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads