Global Platform For All Sri Lankans

පිරිමින් නැති ලෝකයක් , ඒක නම් , අමුතුම හෙළිදරව්වක් ?

 

සාමාන්‍යයෙන් මෙවැනි ලෝක ඒක – ලිංගික ලෝක කියා හඳුන්වනවා. සමපේක්ෂණ එහෙමත් නැත්නම් මනසින් විචාරය කළ හැකි ප්‍රබන්ධවල ඒක-ලිංග ලෝක සහිත සමාජවල පැවැත්ම පිළිබඳව සඳහන් වෙනවා. මෙවැනි ප්‍රබන්ධමය සමාජ දිගු කලක් තිස්සේ විද්‍යා ප්‍රබන්ධ සහ මන–කල්පිත කතා තුළ අපිට කියවන්න ලැබී තිබෙනවා.

ප්‍රබන්ධයන් තුළ මෙවැනි සමාජ බොහෝ විට නිර්මාණය වෙන්නේ යුද්ධය, ස්වාභාවික විපත් සහ රෝග නිසා එක් ලිංගික වර්ගයක් විනාශ වී යාම නිසයි. අතීතයේ ලෙස්බෝස් දිවයින ආශ්‍රිතව තිබුණු සංස්කෘතිය, ඇමසෝනියානු ස්ත්‍රීන්ගේ සංස්කෘතිය ආදී සංස්කෘති තුළ පිරිමින් නොමැතිව දිවි ගෙවූ බවට සාධක හමු වෙනවා.

අනාගතයේදී පිරිමි සම්පූර්ණයෙන්ම වඳවී ගැහැනු පමණක් ඉතිරි වන බව විද්‍යාඥයන් මේ වන විට අනාවරණය කර ගෙන තිබෙනවා. මවු කුස තුළදී ගැහැනු පිරිමි ලිංගිකත්වය තීරණය කරන, Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජන වී ඇති බවත්, ඉදිරියේදී එය සම්පූර්ණයෙන් නැතිවී යෑමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂකයෝ සඳහන් කරනවා.

මෑත කාලීනව ශුක්‍රාණු බැංකු ඇති වීමේ ප්‍රවණතාවක් සිදුවුණු බව ඔබට මතක ඇති. ඇතැම් විට එවැනි දෑ ඇති වීමට මඟ පෑදුවේ වසර ගණනාවක සිට විද්‍යාඥයන් සිදු කළ පර්යේෂණ ප්‍රතිඵල නිසාද වීමට පුළුවන්.

පිරිමින් උපත ලබන Y වර්ණ දේහය නැතිවී ගියහොත්, උපදින සියලු ජීවීන් ගැහැනුන් බවට පත් වෙනවා. මේ වනවිට Y වර්ණදේහය අවදානම් තත්ත්වයකට පත් වී ඇති බව ඇමරිකා ජාතික විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන් පෙන්වාදී ඇති ආකාරයට පසුගිය වසර ගණනාව තිස්සේ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා. ඒ වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයකින් බවත් විද්‍යාඥයන් අනාවරණය කර ගෙන තිබෙනවා. ඒ අනුව, වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යෑමේ සම්භාවිතාවක් පවතින බව විද්වතුන් පවසනවා.

වර්තමාන ලෝකය තුළ බොහෝ තරුණ තරුණියන් විවාහයෙන් තොරව තනි තනිව ජීවත් වීමට බොහෝ කැමැත්තක් දක්වනවා. මේ හේතුව නිසාම බොහෝ විට ඉදිරියේදී ළදරු උපත් අනුපාතයද ශීඝ්‍රයෙන් පහත යන බවක් පෙනෙන්න තිබෙනවා. මෙවැනි ආකාරයට ස්ත්‍රීන් සහ පුරුෂයන් භෞතික වෙන්වීම නිසා සිදුවන අනිටු පලවිපාක පිළිබඳව සඳහන් වන ප්‍රබන්ධයන් රාශියක් ලියැවී තිබෙනවා. ඒ අනුව අනාගතයේ නිර්මාණය විය හැකි මෙවැනි ගැටලු විසඳීමට ඔවුන් යෝජනා කරන්නේ ස්ත්‍රී-පුරුෂ භාවය වෙන් කිරීම නොව එක් කිරීමයි. ඉතින් පුරුෂයන් නැති අනාගත ලෝකයක ඉරණම කුමක් වේවිද? තීරණය ඔබ සතුයි.

( උපුටා ගැනීමකි..)

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads