Global Platform For All Sri Lankans

පුටින් බටහිරට අනතුරු අඟවයි !

 

යුක්‍රේනයට දිගු දුර මිසයිල භාවිතා කිරීමට ඉඩ දෙන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ සෘජුවම සටන් කරන බව රුසියානු නායක පුටින් පවසනවා.

බටහිර නිෂ්පාදිත දිගු දුර මිසයිල මගින් රුසියානු භූමියට පහර දීමට යුක්‍රේනයට ඉඩ ලබා දීම කිසිවිටකත් සිදු නොකළ යුතු බවයි ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැඩිදුරටත් පවසන්නේ.

එසේ කරන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ කෙලින්ම සටන් කරන බවත්, මෙම පියවර ගැටුමේ ස්වභාවය සහ විෂය පථය වෙනස් කරන බවත් ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත්, යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy මාස ගනනාවක් තිස්සේ තම මිත්‍ර පාක්ෂිකයින්ට ආයාචනා කරමින් සිටියේ යුක්‍රේනයට අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නිෂ්පාදිත දිගු දුර මිසයිල ලබා දෙන ලෙසයි.

ඒ එම දිගු දුර ප්‍රහාර මගින් රුසියානු භූමියට පහර දී, යුක්‍රේනයට ප්‍රහාර දියත් කිරීමට රුසියාවට ඇති හැකියාව සීමා කිරීම සඳහායි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads