Global Platform For All Sri Lankans

ජනපති සටනට සියල්ල සූදානම්..

 

ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් පවසනවා.

එසේම, කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,204කදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ සඳහන් කළා.

මේ අතර මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලු පැවතිය ද, සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස්කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරන බව ග්‍රාම නිලධාරි සංගම් සඳහන් කර තිබෙනවා.

මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබා නොගත් ඡන්දහිමියන්ට අනන්‍යතාවය තහවුරු කර, අදත් තමා පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒ්වා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එසේ වුවද , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක කියා සිටියේ , ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බවයි.

නමුත්, ඡන්ද ප්‍රකාශ කිරීමේ කාර්යය පහසු කරවීම සඳහා , එය ලැබුණු සැවොම එය ඡන්ද පොළ වෙත රැගෙන යා යුතු බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද උදෑසන ආරම්භ කෙරුණා.

ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක් සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 කට අදාළව ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ ද මේ සමඟ යොමු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේ.

ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති කාර්යාල පවත්වාගෙන යාමට ලබාදී තිබූ කාලසීමාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

කෙසේ වෙතත් අපේක්ෂකයෙකුට මැතිවරණ කොට්ඨාස මට්ටමින් එක් කාර්යාලයක් පවත්වාගෙන යා හැකියි. එහෙත් එම කාර්යාලය හැඳින්වීම සඳහා වර්ග අඩි 40 නොඉක්මවූ ප්‍රචාරක පුවරුව හැර අනෙකුත් පුවරු, පෝස්ටර් හෝ සැරසිලි මේ වනවිට ඉවත්කර තිබිය යුතු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන් 80,000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට සැළසුම් කර තිබෙනවා.

මේ අතර හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් අද දිනයේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නැවත පාසල් ආරම්භ වන්නේ ලබන සඳුදායි.

එමෙන්ම, ජනාධිපතිවරණය හේතුවෙන් සියලුම සුරාසැල් හෙට සහ අනිද්දා වසා තැබෙනු ඇති.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads