මඩකලපුව ප්‍රදේශයේ ඡන්දායකයන් දෙදනෙක් වෙනුවෙන්, ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ, මාන්තීව් ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ලාදුරු රෝගීන් දෙදෙනා සඳහායි.
මේ වනවිට එම රෝගීන් දෙදෙනා රෝහලේ නොමැති බැවින්, ඔවුන්ට සිය ඡන්දය භාවිත කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව සඳහන්.
ඒ අනුව, මොවුන් දෙදෙනාට පුදූර් විග්නේෂ්වරා විද්‍යාලයේ ඇති ශාලා අංක 03ට පැමිණ සිය ඡන්ද භාවිත කළ හැකියි.
එමෙන්ම සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානයක් අනුගමනය කරනු ලබන සියලු පියවර එහිදී අනුගමන කරන බවයි, දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කළේ.