සමරිසි විවාහ නීතිගත කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර පනතක් සම්මත කිරීමට තායිලන්ත පාර්ලිමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එම පනතට එරට රජුගේ අනුමැතිය හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, අදාළ පනත තායිලන්තය තුළ නීතියක් බවට පත්වන්නේ තවත් දින 120ක් ඉක්මවා යාමෙන් අනතුරුව බවද සඳහන්.
මේ සමග සමරිසි විවාහ නීතිගත කළ තෙවැනි රට බවට තායිලන්තය පත් වෙනු ඇති.
Author: Lanka Hit News
Post Views: 55