Global Platform For All Sri Lankans

රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද, ස්වර්ණාභරණ උකස් කළ කාන්තාවකට සිදු වූ දේ..

 

රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද ස්වර්ණාභරණ උකසට තබා මුදල් ලබාගත් කාන්තාවක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (25) දින ඉදිරිපත් කල අවස්ථාවේදී ලබන මස 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්.

කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වි සිටින සැකකාර කාන්තාව රන් ආලේපිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද කුඩා මුදු, පංචායුධ, කරාබු ආදිය හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල පිහිටි උකස් මධ්‍යස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත රැගෙන ගොස් උකස් කර මුදල් ලබා ගැනිමේ ජාවාරමක් කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස උකස් ගන්නා රන් ආභරණ පරික්ෂා කරන යන්ත්‍රවලට පවා හසු නොවන ආකාරයට මෙම ව්‍යාජ ස්වර්ණාභරණ සකස් කර ඇති බවත්, එම කාන්තාව එසේ සකස් කරන ලද ව්‍යාජ මුදු කිහිපයක් පසුගිය දිනක හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් කිරිමට පැමිණි අවස්තාවේදී ඒ පිළිබඳව සැක සිතු එම උකස් මධ්‍යස්ථානයේ හිමිකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කළ දැනුම්දීමක් මත හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඇය සන්තකයේ රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද මුදු කිහිපයක් තිබි සොයාගෙන තිබෙනවා.

කාලයක් තිස්සේ එම සැකකාර කාන්තාව මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත්, ඒ පිලිබඳව හැටන් පොලිසියට පැමිණිලි කිහිපයක්ද ලැබි ඇති බවත් පොලිසිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads