මාලිමාව මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ හැටපහක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.
ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි අත්වන බව කී ඔහු , ඒ වාසිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව සඳහන් කළා.
එසේම, ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරග කළහොත්, ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට පුළුවන්කම තිබෙන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත්, අවසාන වශයෙන්, ජනපති අනුර කුමාරට මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට ගමන් කිරීමට හැකිවනු ඇති බවද එස්.බී දිසානායක පවසා සිටියා.