Global Platform For All Sri Lankans

අම්මයි -තාත්තයි – ආච්චියි – දරුවෝ දෙන්නයි මෝටර් රථයක් තුළ ඔක්කොම එකට අවසන් ගමනේ..

 

තමිල්නාඩුවේ පුදුක්කෝට්ටායි දිස්ත්‍රික්කයේ අතහැර දමා ගිය මෝටර් රථයක තිබී එකම පවුලට අයත් පස් දෙනෙකුගේ සිරුරු හමුව තිබෙනවා.

දින දෙකකට පෙර සිට නාමනසමුද්‍රන් ප්‍රදේශයේ එකම ස්ථානයේ මෝටර් රථයක් නවතා තිබෙනු දැක ප්‍රදේශවාසීන් පොලීසියට දැනුම් දී තිබුණා. .

පසුව එහි තිබී එකම පවුලට අයත් පුද්ගලයින් පස් දෙනෙකුගේ මල සිරුරු හමුව තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන මණිකන්දන්, ඔහුගේ බිරිඳ නිත්‍යා, මව සරෝජා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

ඔවුන් සොයාගත් නගරයේ සිට කිලෝමීටර් 200 ක් පමණ දුරින් පිහිටි සාලෙම්හි පදිංචිකරුවන් බවද සඳහන්.

ඝාතනයට ලක්වූවන් වස පානය කර ඇති බවට සැක කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads