Global Platform For All Sri Lankans

කමිඳු මෙන්ඩිස්ගෙන් විශේෂ වාර්තාවක්..

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමින්.

ඔහු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර, ඔහු එහිදී අර්ධ ශතක 4ක් සහ ශතක 5ක් සමග ලකුණු 1,002ක් රැස්කර තිබෙනවා.

කමිඳු සිය වාර්තාව තැබුවේ දැවැන්ත 6 පහරක් එල්ල කරමින් වීමත් විශේෂත්වයක්.

ඒ සමගම ශ්‍රී ලංකා ඉනිම නිම කිරීමට නායක ධනංජය ද සිල්වා තීරණය කළා.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා සිටියේය.

කමිඳු (නොදැවී ලකුණු 182) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 106) 6වන කඩුල්ල සඳහා ලකුණු 200ක් එක්කර තිබුණි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads