ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නිමාවුණා.
ඒ සමගයි සනත් ජයසූරිය මෙලෙස ප්‍රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත් කෙරුණේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සනත් ජයසූරියව වසරක පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Author: Lanka Hit News
Post Views: 47