සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සහ එරට මධ්‍යයේ පිහිටි ෂබෙල් ප්‍රදේශයේ නගරයක ඊයේ (28) සිදුවූ බෝම්බ පිපිරීම්වලින් හය දෙනෙක් මිය ගොස් තවත් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන අල් ෂබාබ්, මොගඩිෂු සහ අප්‍රිකානු ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර නිතර සැලසුම් කළ ද මෙම ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න තවමත් පැහැදිලි නොවන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මොගඩිෂු හි පිපිරීමට ජනාධිපති කාර්යාලයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මාර්ගයක නවතා තිබූ බෝම්බ සවිකළ මෝටර් රථයක් සම්බන්ධ බව පැවසෙයි.
එම පිපිරීමෙන් පස් දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ෂබෙල් ප්‍රදේශයේ ජොවාර් හි වූ පිපිරීමට හේතුව වෙළඳපොලක අටවන ලද බෝම්බයක් පුපුරා යාම බව සඳහන්.
එමඟින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිවිල් වැසියන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.