Global Platform For All Sri Lankans

” Helene ” ජීවිත 63ක් බිලි ගනී…

එක්සත් ජනපදය හරහා හමා ගිය ‘Helene’ සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුණාටු තත්ත්වය හමුවේ තවත් සෑහෙන පිරිසක් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදුලිය විසන්ධි වීම්, මාර්ග අවහිර වීම් යනාදි අර්බුදකාරී තත්ත්වයන් රැසක් ද මතුව ඇති බවත් සඳහන්.

පවතින අධික ගංවතුර හේතුවෙන් අතරමං වූවන්ට උපකාර කිරීම සඳහා බෝට්ටු, හෙලිකොප්ටර් සේවා සපයමින් ගලවාගැනීම් කටයුතු සිදුරෙන බව සඳහන් වනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙය එක්සත් ජනපදයට බලපෑ ප්‍රබලම කුණාටු තත්ත්වයක් වන බවයි.

එමෙන්ම කුණාටුවෙන් සිදු වූ හානිය ඩොලර් බිලියන ගණනක් විය හැකි බවයි මූල්‍ය ආයතන පෙන්වා දී ඇත්තේ.

කෙසේ නමුත් මේ වන විට ‘Helene’ සුළි කුණාටුව සැලකිය යුතු ලෙස දුර්වල වී ඇතත් අධික සුළං, ගංවතුර සහ ටොනේඩෝ තර්ජනය දිගටම පැවතිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads