හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනී කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ලෙබනනයේ බේරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් සිදුවූ නස්රල්ලාගේ මරණය “පළිගැනීමකින් තොරව අවසන් නොවනු ඇති” බවයි අල් කමේනී සඳහන් කර ඇත්තේ.
එමෙන්ම දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරමින් ඔහු මෙම මරණය, “ශ්‍රේෂ්ඨ නස්රල්ලාගේ ප්‍රාණ පරිත්‍යාගය” මැයෙන් හඳුන්වා ඇති බව සඳහන්.
Author: Lanka Hit News
Post Views: 29