අමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 567ක ආරක්ෂක ආධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, තායිවානයට ඩොලර් මිලියන 567ක ආරක්ෂක ආධාරයක් ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබෙන්නේ.
ධවල මන්දිරය සඳහන් කළේ, පසුගිය වසර කිහිපය පුරා චීනය විසින් තායිවානයට එල්ල කරන යුදමය හා දේශපාලන පීඩනය හමුවේ එරට මිලිටරිය නංවාලීම සඳහා අමෙරිකාව මෙම පියවර ගත් බවයි.
කෙසේ වෙතත්, විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුවද , අමෙරිකාව තායිවානයේ වැදගත්ම ජාත්‍යන්තර ආධාරකරු සහ ආයුධ සැපයුම්කරු වන බව විදෙස් වාර්තා සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 27