රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධනේ ඉදිරි අයවැයේදී තීරණයක් ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ,
රට තුළ පවතින මූල්‍ය තත්ත්වය සලකා බලා මෙවැනි වැටුප් ඉහළ දැමීමක් සිදු කළ හැකිද නොහැකි ද යන්න තීරණය කරන බව යි.
අදාළ වැටුප් වැඩිවීම සිදු කරන්නේ කුමන මට්ටමකින් ද, අදියර කිහිපයක් යටතේ එය සිදු කරනවා ද යන්න අයවැය ඉදිරිපත් කිරීමේදී සාකච්ඡා කර තීරණය කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවිය යුතුයි යන්න තම රජයේ ප්‍රතිපත්තියක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 13