ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණක් යටතේ ද යන්න (04) වෙනිදා ට පෙර ප්රකාශයට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආශූ මාරසිංහ පවසනවා.
ඊයේ (01) එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමක් අමතමින් ඔහු සඳහන් කළේ,
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.
එමෙන්ම ජනාධිපතිවරණයේදී තම පාර්ශවට ලබා දුන් ගෑස් සිලින්ඩරය ලකුණ මහමැතිවරණයට තරඟ කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා ගත හැකිද විමසන අතර, එය ලැබුණහොත් එම සලකුණින් ඉදිරියට යන්න කටයුතු කරන බව ද සඳහන් වුණා.
Author: Lanka Hit News
Post Views: 41