මාසික මිල සංශෝධනයට අනුව, මෙවරත් ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා.
ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි LP ගෑස් මිල වැඩි වුවද , ලිට්රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව එම සමාගම සඳහන් කළා.
ඒ අනුව, 12.5 Kg සිලින්ඩරයක මිල රුපියල් 3,690ක්ද, 5Kg සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙසද, 2.3Kg සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙසද මෙම මාසයේදීත් නොවෙනස්ව පවතිනු ඇති.
Author: Lanka Hit News
Post Views: 26