ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව සඳහන් කරන ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා, ශ්රී ලංකාව තුළ සාමකාමී හා ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මෙරට ජනතාවට ස්තුතිවන්ත වන බවද සඳහන් කළා.
වසර ගණනාවක් තිස්සේ ආසියා සංවර්ධන බැංකුව ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ වලදී මෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට ස්ථීර හවුල්කරුවකු ලෙස කටයුතු කර ඇති බවද , ශ්රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයට සහාය ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
Author: Lanka Hit News
Post Views: 34