ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
ප්‍රහාර එල්ල වීමත් සමග වසා දැමුණු එරට ප්‍රධාන ගුවන්තොටුපළද යළි ගුවන් ගමන් සඳහා විවෘත කර ඇති බව ඔහු සඳහන් කළා.
ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ (01) දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහෙත්, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේ, ආත්මාරක්ෂාවට සදහා බව ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අරග් චී පවසනවා.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය ප්‍රතිපහාර එල්ල කළහොත් ඉරානයේ ප්‍රතිචාර මීට වඩා දරුණු විය හැකි බවද ඔහු කියා සිටියා.
Author: Lanka Hit News
Post Views: 10