හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (02) මව්බිම ජනතා පක්ෂය සමඟ එකතු වී තිබෙනවා.
එසේම, පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදුණු, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද අද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්වූ අතර එහිදී ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමුණා.
තවද , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, පාර්ලිමේන්තුවට තේරීපත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර ඔහුට පක්ෂයේ උප සභාපති ධුරය හිමිවුණා.
Author: Lanka Hit News
Post Views: 32