ශිෂ්‍යත්ව විභාගය නැවත නව කාලසටහනකට සකස් කිරීමට පියවර ගන්නා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
අනාගතයේදී නැවත ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවීමට බලධාරීන් අවශ්‍ය පියවර ගත යුතු බව ත් වර්තමාන ගැටලුව විසඳීමට පියවර ගත යුතු බවත්
එම නිවේදනයේ සඳහන් වනවා.
එසේම , ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීම නිසා දරුවන් සහ මව්පියන් යන දෙපාර්ශ්වය ම පීඩා විඳින බැවින්, මෙම තත්ත්වය ඉතා කණගාටුදායක බව ද ඔහු පෙන්වා දෙන අතර, මෙම තත්ත්වය නිසා වසර ගණනක් පුරාවට විභාගයට සූදානම් වූ සිසු සිසුවියන් දැඩි කලකිරීමට පත්වී ඇති බවද නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
තවද , විභාගය පැවැත්වීමට පෙර ප්‍රශ්නපත්‍ර පිටවීම නිසා ශ්‍රී ලංකාවේ ජාතික විභාග පද්ධතියේ අවංකභාවය ගැන ජන සමාජය තුළ සැකයක් මතු වී තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Author: Lanka Hit News
Post Views: 31