ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ද්‍රේස් මර්සෙලෝ අතර හමුවක් අද (02) පැවැත්වුණා.
එහිදී , දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබෙන අතර, මෙරට කියුබානු තානාපතිවරයා නව ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ ප්‍රශංසා කර ඇති බවද සඳහන්.
එසේම, ශ්‍රී ලංකාව සමග පවතින සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කියුබාව සූදානමින් සිටින බව ද එහිදී සඳහන් වී ඇති අතර, ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් ගැනද කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බවට ද සහතික වී තිබෙන බව ද සඳහන්.
ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බවයි කියුබානු තානාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.