Global Platform For All Sri Lankans

ඉන්ධන ගැන සිපෙට්කෝ සභාපති පහදයි..

 

ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න පවසනවා.

ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇති බැවින් , බවටයි සඳහන් වන්නේ.

ඊයේ (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“පසුගිය 30 වැනිදා තෙල් මිල තීරණය කළේ පැවති මිල සූත්‍රයට. ඉදිරියේ දී කිසිදු තෙල් හිඟයක් ඇති වන්නේ නෑ. මෙරට තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් අත්‍යාවශ්‍ය වනවා. නියාමන කොමිසමකින් මිල සූත්‍රයේ වෙනස්කම් සිදු කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වනවා.

“වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කළ නොහැකියි. ඒ වගේම නව රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැකියි.පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවයි.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads