විදේශ අමාත්‍ය විජිත හේරත් සහ මෙරට ඇමරිකානු තානාපතිනිය අතර හමුවක් අද (02) පැවැත්වුණා.
ඉන් අනතුරුව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින්, ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
එසේම, ආරක්ෂක වෙළඳ සහ මානව හිමිකම් තහවුරු කිරීම වැනි ප්‍රමුඛතා මත කටයුතු කිරීම එක්සත් ජනපදයේ බලාපොරොත්තුව බවද සඳහන්.
තවද , ශ්‍රී ලංකාවේ ප්‍රගතියට සහාය වීමට එක්සත් ජනපදය කැපවී සිටින බවද ඇය එම සටහනෙන් පෙන්වා දී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 42