ග්‍රීසියේ පැවති 06 වැනි ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට (06th Global Challenge Robotic Competition) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිසුන් 05 දෙනෙක් ඉංජිනේරු නිර්මාණයක් (Engineering Disign Best in World) ඉදිරිපත් කර එම තරගාවලියේ ලෝකයේ විශිෂ්ටතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනාගෙන තිබෙනවා.
ඔවුන් පසුගියදා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව සඳහන්.
මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී පසුගිය 26 වැනිදා සිට 29 වැනිදා දක්වා ලෝකයේ රටවල් 193ක තරගකරුවන් 1,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණා.
එහිදී මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ ඉංජිනේරු නිර්මාණය ලෝකයේ සියලු රටවල් අභිබවා ප්‍රථම ස්ථානයට තේරී පත්වීම ද විශේෂත්වයක්.
මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටත්, තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමිවුණා.