Global Platform For All Sri Lankans

කොච්චර වත්කමක් තියෙනවා ද? කියන්නම වෙනවා…

 

එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාමයෝජනා පත්‍ර සමග භාරදිය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එසේම, 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 80 (01) (ප), 82 (01) (ඊ), 82 (02), 89, 90 (04) වගන්ති අනුව, ඡන්ද විමසීම් දිනය ප්‍රකාශයට පත්කළ දිනයට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවද සඳහන්.

එමෙන්ම, 99 (අ )ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින් ද වත්කම් සහ බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමගින් මැතිවරණ කොමිසමට භාරදිය යුතුයි.

කෙසේ වෙතත්, නාමයෝජනා පත්‍රය සමග වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත්වීම දණ්ඩනයකට යටත්විය යුතු වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads