අමෙරිකාවේ ප්‍රාන්ත 13ක සහ කොලොම්බියා දිස්ත්‍රික්කයේ නීති නිලධාරීන් විසින් TikTok යෙදවුමට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ TikTok ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාව හරහා තරුණයින්ට හානි සිදුවන බව සහ තරුණ ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වන බව පවසමින්.
ඊට අදාළව අමෙරිකාවේ නිව් යෝර්ක්, කැලිෆෝනියාවේ, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ තවත් ප්‍රාන්ත 11ක වෙන වෙනම නඩු ගොනු කර ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.
ප්‍රාන්ත බලධාරී විසින් චෝදනා කරන්නේ TikTok විසින් තරුණයින් වීඩියෝ සඳහා ඇබ්බැහි කරවන මෘදුකාංගයක් භාවිතා කරන බවයි.
එමගින් තරුණ ප්‍රජාව හැකිතාක් දුරට සහ බොහෝ විට නැරඹීමට සහ එහි අන්තර්ගත මධ්‍යස්ථ කිරීමේ කාර්යක්ෂමතාවය වැරදි ලෙස නිරූපණය කරන බව ද ඔවුන් චෝදනා කරනවා.
එමෙන්ම “TikTok ආයතනික ලාභ ඉහළ නැංවීම සඳහා සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම වර්ධනය කරයි,” යනුවෙන් කැලිෆෝනියාවේ නීතිපති රොබ් බොන්ටා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි වාර්තා වන්නේ.