කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අද (12) උදෑසන 7ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඇදහැළුණු වර්ෂාවත් සමග වැලිපැන්න පිවිසුම ඊයේ උදෑසන ජලයෙන් යටවූ අතර, ඒ හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.