අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ඉදිරි පැය 48 සඳහා දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම මාර්ග හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කර ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.