Global Platform For All Sri Lankans

ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරෙයි

සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙන සියලු ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිර්ණායක හතක් යටතේ මෙම පාසල් ශ්‍රේණිගත කිරීමට අදාළ ප්‍රතිපත්ති රාමුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී ඇති බවයි සඳහන් වෙන්නේ.

පරිපාලනය හා කළමනාකරණය, දරුවන් වෙනුවෙන් වන පහසුකම් හා ඉගෙනුම් පරිසරය, විෂය මාලා කළමනාකරණය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය, තක්සේරුකරණය හා ඇගයීම්, පාසල සමග මව්පියන් ඇතුළු ප්‍රජාවගේ සම්බන්ධතාව සහ සෞඛ්‍ය ක්‍රියාවලිය එම නිර්ණායක වනවා.

පාසල් ශ්‍රේණිගත කෙරෙන්නේ මෙම නිර්ණායක සඳහා දෙන ලකුණු ක්‍රමයක් අනුව බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads