උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, අද (13) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, පුත්තලම සහ කොළඹ දිස්ත්‍රික්කවලත් සිය පාර්ශ්වය මැතිවරණයට තරග කරන බව ද හිමියන් අවධාරණය කළා.
“ශක්තිමත් පාර්ලිමේන්තුවක්. පිරිසිදු පාර්ලිමේන්තුවක් අලුතින් පත් වුණු ජනාධිපතිවරයා එක්ක ඒ ආණ්ඩුව පිහිටුවා ගැනීම සඳහා අපි පිරිස පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරන්න. ඒක තමා විය යුත්තේ. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතුවක් තියෙනවා.
අපි සංහිඳියා ප්‍රතිපත්තියේ ඉන්න අය. ඩග්ලස් දේවානන්ද හිටපු අමාත්‍යතුමා. අපේ පක්ෂ නායකතුමා උතුරයි – දකුණයි යා කරන්නට එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ගේ දශක තිහක් තිස්සේ තිබිච්ච යුදමය කාලය තුළත් එතුමා අභීතව එතුමා මේ පාලම හදන්නට මහා මෙහෙවරක් කළ නායකයෙක්.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු ජන කොටස්වලින් අපි ඉල්ලන්නේ, අපිව පාර්ලිමේන්තුවට යොමු කරන්න.
අපි අපේ වගකීම ඉෂ්ට කරන්න ලෑස්තියි. පවතින ආණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ඒ ඉදිරි ගමන, රටේ සංවර්ධනය වෙනුවෙන්. රටේ යහපත වෙනුවෙන්. රටේ දියුණු වෙනුවෙන් කැපවෙලා අපි හරි වැරැද්ද තේරුම් කරලා දීලා හරි දේ කරන්නට ඒ දිශානතියට යොමු කරන්න අපි කටයුතු කරනවා.”