මෙච්චර කල් අපි දන්නේ රොකට් එකක් යැවීමේදී එහි බුස්ටර් කොටස සාගරයට පතිත වීමට සැලැස්වීමක් සිදුවීමයි.නමුත් එලෝන් මස්ක්ට අයත් Space X ආයතනය මානව ඉතිහාසය වෙනස් කලා.
ඔවුන් අභ්‍යවකාශ ගත කල රොකට්ටුවක බුස්ටර් කොටස නැවත ඔවුන්ගේම පාලන මධ්‍යස්ථානයකට ගෙනවිත් රදවා ගැනීමට සමත් වුණා.පැයට කිලෝමීටර් 27,350 ක වේගයෙන් පොළොව කරා පැමිණි මෙම බුස්ටර් කොටස Space X රදවනයන් මත සාර්ථකව රදවා ගැනීමට සමත් වීමෙන්, එම බුස්ටර් කොටස නැවත භාවිතයට ගත හැකි දෙයක් බවට පත්වනවා. එමගින් අනාගත රොකට් යැවීමේදී සැලකිය යුතු මුදලක් අඩු කරගැනීමේ හැකියාව පවතිනවා.
මිනිසාගේ හැකියාව මෙපමණයි යැයි සිමා කල නොහැකි බව සනාථ කල තවත් දිනයක් බවට 2024-10-13 පත්වනු ඇත.
Author: Lanka Hit News
Post Views: 102