මෙරට 77වන නිදහස් උත්සවය සංවිධානයට කමිටුවක් පත්කර තිබෙනවා.
ලබන වසරේ පෙබරවාරි 04වනදාට යෙදෙන 77වන නිදහස් දින සමරු උළෙල පැවැත්වීමට අදාළව අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණ කටයුතු සඳහා යි මෙලෙස මෙහෙයුම් කමිටුවක් පත්කර තිබෙනවා.
එම කමිටුව පත් කිරීමට අගමැතිනී හරිනි අමරසූරිය විසින් කැබිනට් මණ්ඩලයට සිදුකළ යෝජනාව අනුමත වී තිබෙනවා.
මෙම කමිටුව සඳහා නිදහස් දින සමරු උළෙල අභිමානවත් ලෙස සංවිධානය කිරීමට හැකි වන පරිදි අදාළ වන්නා වූ සියලුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු සියලුම ආයතන වල ප්‍රධානීන් ඇතුලත්වන බවද සඳහන්.