පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගාලු පාරේ අකුරල සිට පැරෑලිය දක්වා අතර ප්‍රදේශයේ මුහුදු රළ ගොඩබිමට පැමිණ තිබෙනවා.
මේ හේතුවෙන් මාර්ගයේ වැලි සහ ගල් තැන්පත්ව පවතින බැවින් මෙම මාර්ගයේ රිය ධාවනය කරන යතුරුපැදි හෝ ත්‍රීරෝදරථ රියැදුරන්ට අවධානයෙන් රිය ධාවනය කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
එම මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා.
මුහුදු රළ ගොඩබිමට ගලා ඒම හේතුවෙන් ධීවර තොටුපළවල්වල නතරකොට තිබු බෝට්ටු වලටද හානි වී ඇති බවයි වාර්තා වන්නේ.