ඉන්ධන බවුසරයක් පිපිරීම හේතුවෙන් උතුරු නයිජීරියාවේ පුද්ගලයින් 94 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම බවුසරය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ලිස්සා ගොස් කාණුවකට පෙරළී තිබුණා.
ඉන් ඉවතට විසිරී තිබූ ඉන්ධන එකතුකර ගැනීම සඳහා විශාල පිරිසක් එක්වී සිටි බව ත් මේ සම්බන්ධයෙන් වර්තා කිරීමේදී විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් එම අවස්ථාවෙදී එක්වරම එම බවුසරය පුපුරාගොස් තිබුණා.