හෙට (22) දහවල් දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශය කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ, ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්.
ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්‍රදේශවලටත් වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ යටතේ ජල සැපයුම් සිදු වනු ඇති.
එමෙන්ම උස ස්ථානවලට ජල සැපයුමට බාධා ඒල්ල වනු ඇති බවයි, එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.
ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටද ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.