තාක්ෂණික ප්‍රකෝටිපතියෙකු වන එලෝන් මස්ක්, තවත් අයෙක්ට ඩොලර් මිලියනයක් ප්රදානය කර තිබෙනවා.
ඒ අමෙරිකානු ජනපතිවරණයට අදාළව , ඔහු හඳුන්වාදුන් දිනකට ඩොලර් මිලියනයක දීමනාව (පවුම් 766,000) හි දෙවන ජයග්‍රාහකයා ලෙසයි.
පෙන්සිල්වේනියාවේ නගර ශාලාවක පැවති උත්සවයකදී මෙලෙස දෙවන ඩොලර් මිලියනයේ ජයග්‍රාහිකාව වී ඇත්තේ, ක්‍රිස්ටීන් ෆිෂෙල් නම් කාන්තාවක්.
නොවැම්බර් 5 වනදා අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය තෙක්ම ප්‍රධාන ප්‍රාන්තවල ලියාපදිංචි ඡන්දදායකයින් සඳහා ඩොලර් මිලියනයක දීමනාවක් ලබා දෙන බවයි මස්ක් මීට පෙර ප්‍රකාශ කළේ.
රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීමේ ප්රයත්නයට සහාය දැක්වීම සඳහා ක්‍රියාකරන මස්ක්ගේ ප්රචාරක කණ්ඩායම විසින් එක්සත් ජනපද ව්‍යවස්ථා පෙත්සමකට අත්සන් කරන පුද්ගලයින්ගෙන් ජයග්‍රාහකයා අහඹු ලෙස තෝරා ගන්නා බව සඳහන්.
කෙසේ වෙතත්, එලෝන් මස්ක් ගේ මෙම ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පෙන්සිල්වේනියා ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා.