දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පවසනවා.
කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි සඳහන් වන්නේ.
එසේම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය කරන අතර, ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තවද , වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 41,285 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 37