Global Platform For All Sri Lankans

BRICS සමුළුව අද සිට..

 

බටහිර නොවන ලෝකයේ නැගී එන බලපෑම ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් අද(22) BRICS සමුළුව ආරම්භ කෙරෙනු ඇති.

රුසියාවේ Kazan හීදී මෙවර සමුළුව ඔක්තෝම්බර් 24 දක්වා පැවැත්වෙනු ඇති.

ඊට BRICS හි සාමාජික රටවල් නියෝජනය කරමින් චීන ජනපති ෂී ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නැගී එන ලෝක බලවතුන් 20 දෙනෙක් එක්වණු ඇති.

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව නියෝජනයෙන් ලත් සංවිධානයක්. බටහිර ප්‍රමුඛ ලෝකයට ප්‍රතිවිරෝධකයක් ලෙස බොහෝ විට හඳුන්වනු ලබන මෙම කණ්ඩායමට ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් කරගෙන තවත් පුළුල් වී තිබෙනවා.

සෞදි අරාබියටද ඒ සඳහා එක්වීමට ඔවුන් ආරාධනා කර ඇති බව සඳහන්.

BRICS ජාතීන් ගෝලීය ජනගහනයෙන් 45% ක් වන අතර සාමාජිකයින්ගේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 28.5 ක්.

එය ගෝලීය ආර්ථිකයෙන් 35%ක් පමණ වනවා.

මෙම සමුළුව ආරම්භ කිරීමට පෙර වාර්තා කරුවන් අමතමින් ජනපති පුටින් පවසා ඇත්තේ, BRICS යනු කිසිවකුට විරුද්ධ නොවන, සංවර්ධනය පිළිබඳ පොදු දැක්මක් සහ වඩාත් වැදගත් ලෙස එකිනෙකාගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීමේ මූලධර්මය මත පදනම්ව එකට වැඩ කරන රාජ්‍යයන්ගේ සංගමයක් බවයි.

කෙසේ වෙතත්, බටහිරයන් විසින් යුද අපරාධකරුවෙකු ලෙස හඳුන්වනු ලබන පුටින්ගෙන් චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ අරාබි ලෝකයේ හවුල්කරුවන් යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට ක්‍රමයක් සොයා ගන්නා ලෙස මෙහිදී ඉල්ලා සිටිනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads