භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකුගේ පුතෙකු සහ පකිස්ථානයේ කාන්තාවක් අතර, සුවිශේෂී විවාහ උත්සවයක් අන්තර්ජාලය හරහා සිදු වී තිබෙනවා..
ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශපාලන ආතතීන් හේතුවෙන් පැන නගින වීසා ගැටළු හේතුවෙන් මනාලයා වන මොහොමඩ් අබ්බාස් හයිඩර් සහ මනාලිය වන ලාහෝර්හි Andleep Zahra පෞද්ගලිකව හමුවීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..
මනාලියගේ මව රෝගාතුර වී පකිස්ථානයේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීම ඇතුළු අභියෝග කිහිපයක් පැන නැගීමෙන් පසු භාරතීය ජනතා පක්ෂ සංස්ථාකරුවෙකු සහ මනාලයාගේ පියා වන තහ්සීන් ෂාහිඩ් මාර්ගගත “නිකාහ්” සංවිධානය කර ඇති බව සඳහන්..
මෙම ඔන්ලයින් විවාහ මංගල්‍යයට BJP MLC Brijesh Singh Prishu සහ අනෙකුත් අමුත්තන් සහභාගී වී ඇති අතර ඔවුන් මනාලයාගේ පවුලේ අයට සුබ පැතුම් එක් කර තිබෙනවා..
Author: Lanka Hit News
Post Views: 10