Global Platform For All Sri Lankans

වෙරළ රකින්න අලුත් ලොක්කෙක්..

 

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නව අයෙකු පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරමින් සිටි රියර් අද්මිරාල් පී.විතාන වයස අවුරුදු 55 සම්පූර්ණ වීම මත පසුගිය (13) දා විශ්‍රාම යාම හේතුවෙන් මෙම පත්කිරීම සිදු කෙරෙනු ඇති.

ඒ අනුව, පුරප්පාඩු වී ඇති එකී තනතුරට දැනට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන රියර් අද්මිරාල්
ආර්. සේරසිංහ පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads