හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් කළ පසුබිමකයි.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී , විත්තිකරු ජෝන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී නොසිටි බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, මෙම වරෙන්තුව නිකුත් කිරීම සිදුවුණා.
Author: Lanka Hit News
Post Views: 11